ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 318 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් මිළ ඉහල දැමීමටයි සංස්ථාව පියවර ගෙන ඇත්තේ. ඒ අනුව 95 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 385ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 340 ක්.

ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 245ක්.

කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් අඩු කරනු ලැබුවා. ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වනු ඇති.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සමගාමීවයි.

ඉන්ධන මිල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
3
+1
27
+1
1
+1
4
+1
2
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?