ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් රතු එළියක්

ලබන මස ආරම්භය දක්වා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද නිශ්චිත බවක් නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.ඒ ගෙවීම් කර ඇති පසුබිමකයි.

වාහන සඳහා අවශ්‍ය වන ඉන්ධන වියදම ඩොලර් මිලියන 350 – 400ක් අතර ප්‍රමාණයක් වන අතර ඒ සඳහා අවශය මුදල් සංචිත ලබා ගැනීම සඳහා ඉන්දියාවේ හෝ වෙනත් විදේශ රටකින් ලබා ගැනීමට සිදු වන බවත්, මේ මොහොතේ එවැනි මූල්‍ය ණයක් ලබා ගැනීම අවධානම් සහ අපහසු බව‍යි හෙතෙම පැවසුවේ.ලබන මාසයේ මැද වන තුරු පමණක් හිඟ ඇතිව හෝ ජනතාවට ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.

ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක් ඩොලර් බිලියනයක් පමණ ලබා දුන්නොත් අඩු ම තරමින් මාස තුනක් පමණ ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දිය හැකි බවත්, එසේ නොවුණහොත් ඉන්ධන අර්බුදය දිගටම පැවතිය හැකි බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?