ඉන්ධන බෙදාහරින්නන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඛනිජ තෙල් බෙදාහැරීම අත්හිටුවන්නට සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සඳනායක මහතා පවසයි. ජනතාවගේ සහයෝගය නොලැබුනහොත් මෙලෙස ඛනිජ තෙල් බෙදාහැරීම අත්හිටුවන්නට සිදුවන බවයි ඔහු පවසන්නේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“ඊයේ වෙනකොට 10ට වහන්න තිබුණු පිරවුම්හල් රෑ 2 වෙනකල් තෙල් බෙදාදීමෙන් පසුව පොලීසියටත් හමුදාවටත් අවනත නොවී පෝලිමේ හිටපු අය බලහත්කාරයෙන් තුන හමාර වෙනකල් තෙල් බෙදාහැරීම සඳහා කටයුතු කරලා තියෙනවා බයකරගෙන. ඉතින් මේ තත්ත්වය තවදුරටත් ගියොත් ඔවුන්ට මේ සේවාව පවත්වාගෙන යන්න බැරිවෙනවා. පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලන්නේ, මේ තෙල් ලබාගැනීම සඳහා පැමිණෙන අයට තමන්ගේ ප්‍රදේශයේ තියෙන පිරවුම්හල තමන්ගේ පිරවුම්හලක් හැටියට සලකලා ඒ අයට ආරක්ෂාව ලබාදෙන්න කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?