AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බවුසරයක් අනික් පැත්ත පෙරලූ රබෑවේ අනතුර – හතරක් රෝහලේ

මහනුවර – යාපනය මාර්ගයේ අනුරාධපුරය, රබෑව ප්‍රදේශයේ දී අද (20) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු ඉන්ධන බවුසරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි සිව්දෙනෙක් වන අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි මැදවච්චිය පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?