ඉන්ධන නැව් ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 500 පනී

මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ පන්සිය ඉක්මවා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

කොළඹ වරායේ මේ වනවිටත් ඉන්ධන නෞකා තුනක් නැංගුරම්ලා තිබෙන අතර එම නෞකා සඳහා ද තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ හතළිහකට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ද ඒ මහතා කීය.ඉන්දීය ණය යෝජනා ක්‍රමය මත ලබාදුන් ඩොලර් මිලියන 500ක ඉන්ධන තොග ලබා ගැනීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ඇණවුම් කළත් ඊට අදාළව ණයවර ලිපි නිකුත් කිරීම පමාවීම නිසා නිරපරාදේ මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවී ඇතැයි ද ආනන්ද පාලිත මහතා පැවසීය.

මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඉන්දීය ණය පහසුකම යටතේ එකඟතාවකට පැමිණ තිබියදී මේ ආකාරයට ප්‍රමාද ගාස්තු ගෙවමින් ක්‍ෂණික මිලදී ගැනීම් කරන්නේ කොමිස් ලබා ගැනීමට බව ද ඒ මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?