සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවයෙන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලයන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට මූලික එකඟතාවය පළ කර තිබෙනවා.
ඉකුත් දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම මූලික එකඟතාවය පළකර තිබෙනවා.
පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමුකර තිබේ.













