ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් ද වන පරිදි එම කෝටාව වැඩි කර තිබෙනවා.

මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ඉහළ දමා ඇති අතර මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ඉහළ දමා ඇති අතර එය ලීටර් 25ක් දක්වා වැඩි කෙරුණා.

ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දමා ඇති අතර විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා වැඩි කරනු ලැබුවා.

a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?