spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අළෙවියෙන් රජය මුදල් උපයන්නේ මෙහෙමයි

එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් රජයට ලැබෙන ලාභය පිළිබඳව සමාලෝචනයක් සිදුකර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 1.63ක් හා 95 ලීටරයකින් රුපියල් 1.15ක් රජයට ලැබෙන බවයි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක් රජයට ලැබෙන අතර සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක ලාභයක් රජය උපයනවා.

ඉන්ධන සදහා සමස්ත පිරිවැය වැය ලෙස ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් රජය වැයකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඉන්ධන සදහා බද්ද ලෙස ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක් , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක් , ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක්, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක් හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65ක් රජය අයකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?