AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන අර්බුදය විසඳන්න ජනපතිගෙන් විශේෂ තීරණ කිහිපයක්

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීයි.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැත් වුණා.

මේ අතර දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී ඇත්තේ.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයින් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?