ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුමට කිසිසේත්ම හවුල් වෙන්නේ නෑ – රජයේ ස්ථාවරය දැනුම්දෙයි

ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්‍ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කරනවා.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවයි.

කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද, රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බවයි.

එමෙන්ම එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?