ඉන්දු – චීන දේශසීමා ගැටුම් නැවතීමට දෙපාර්ශ්වයේ එකඟතාව

නැගෙනහිර ලඩාක් දේශ සීමාවේ ඇති ව තිබෙන ගැටුම් නවතාලීමට ඉන්දු – චීන රාජ්‍යයන් සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; ඉන්දීය තීරණයට චීනය ද සිය එකඟත්වය පළ කර ඇති බවයි.

මෙම එකඟතාව ඉන්දු – චීන දේශ සීමා හමුදා අතර සිදු ව ඇත්තේ අද (22) දිනයේදීයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මාධ්‍ය හමුවකදී පැවසුවේ, “මෑත කාලසීමාව තුළ චීනය සහ ඉන්දියාව චීන – ඉන්දියා දේශසීමා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි මාර්ග හරහා සමීප සන්නිවේදනයක යෙදී සිටින බවත්; දෙපාර්ශ්වයම එකඟත්වයට පත්වන යෝජනාවකට එකඟ වී ඇති බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ෂී ජින්පින්ග් අතර රුසියාවේ කසාන් හි පැවති BRICS සමුළුවේදී ද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

චීනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව එළඹී ඇති බවත්, හමුදා දෙක අතර වසර 04ක් පුරා පැවති මිලිටරි ගැටුම අවසන් කිරීමේ ප්‍රධාන ඉදිරි ගමනක් ලෙසින් එම ගිවිසුම හැඳින්විය හැකි බවත් ඉන්දියාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30