ඉන්දු – චීන දේශසීමා ගැටුම් නැවතීමට දෙපාර්ශ්වයේ එකඟතාව

නැගෙනහිර ලඩාක් දේශ සීමාවේ ඇති ව තිබෙන ගැටුම් නවතාලීමට ඉන්දු – චීන රාජ්‍යයන් සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; ඉන්දීය තීරණයට චීනය ද සිය එකඟත්වය පළ කර ඇති බවයි.

මෙම එකඟතාව ඉන්දු – චීන දේශ සීමා හමුදා අතර සිදු ව ඇත්තේ අද (22) දිනයේදීයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මාධ්‍ය හමුවකදී පැවසුවේ, “මෑත කාලසීමාව තුළ චීනය සහ ඉන්දියාව චීන – ඉන්දියා දේශසීමා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ මිලිටරි මාර්ග හරහා සමීප සන්නිවේදනයක යෙදී සිටින බවත්; දෙපාර්ශ්වයම එකඟත්වයට පත්වන යෝජනාවකට එකඟ වී ඇති බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ෂී ජින්පින්ග් අතර රුසියාවේ කසාන් හි පැවති BRICS සමුළුවේදී ද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

චීනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව එළඹී ඇති බවත්, හමුදා දෙක අතර වසර 04ක් පුරා පැවති මිලිටරි ගැටුම අවසන් කිරීමේ ප්‍රධාන ඉදිරි ගමනක් ලෙසින් එම ගිවිසුම හැඳින්විය හැකි බවත් ඉන්දියාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?