ඉන්දීය විදේශ ඇමති, ශ්‍රී ලංකා අගමැති සහ ඇමතිවරුන් පිරිසක් හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් අතර “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය” පිළිබඳ සාකච්ඡාවක් අද (20) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කර තිබෙනවා.

“ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩ එනු ඇතැයි අපට විශ්වාසයි. ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට හැකි සෑම ආකාරයකින්ම අපි ඔබට සහාය වන්නෙමු” යැයි අමාත්‍ය ජයශංකර් අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන වත්මන් ගනුදෙණු මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනසක් ඇතිකොට, අතිරේක මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවන අයුරින් ශ්‍රී ලංකාවට වඩාත් තිරසර මූල්‍ය කළමනාකාරිත්වයේ මාවතකට පිවිසීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාසකරන බවත් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සදහන් කළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන සිදුකරන ලෙසයි.

“ශ්‍රී ලංකාව සුලං සහ හිරු රශ්මිය බහුලව පවතින රටක් වන බැවින් එවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල හැකියාවක් ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සදහන් කළා.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් මිලියන 4.2 ක් සඳහා පාසල් පෙළපොත් මිලියන 19ක් මුද්‍රණය කිරීමට ඉන්දියානු සහාය ලබාදීම පිළිබඳව මෙම අවස්ථාවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ස්තූතිය පුද කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු තාක්ෂණ ආයතන සහ විශ්ව විද්‍යාල සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කරන ලෙසටයි ඔහු ඉන්දිය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වූ ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සහ විදුලි බලයෙන් ධාවනය කෙරෙන බස්රථ නිපදවීම සඳහා සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ යෝජිත හවුලකාරිත්ව ව්‍යාපෘතිය පිලිබඳව සළකා බැලීමට තමන් සුදානම් බවයි එහිදී ඉන්දීය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඉන්දීය දූත පිරිසට මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, විදේශ අමාත්‍යංශයේ සම ලේකම් පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් නිධි චෞද්‍රි, නියෝජ්‍ය ලේකම් රඝූ පූරි සහ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් යන අය ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34