ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 33ක ජයක්

ඊයේ (01) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසය දිනා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහරදිමට තිරණය කලා.

ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි 6ක් දැවී ලකුණු 195 ක් රැස් කළා.

නාමන් ඕජා පන්දු 71කදී ලකුණු 108ක් ලබාගත්තේ 6 පහරවල් 2ක් සහ හතරේ පහර 15ක් සමගින්,

ආරම්භක පිතිකරු නාමන් ඕජා නොදැවී ලකුණු 108යි. නායක සචින් තෙන්ඩුල්කාර් කිසිදු ලකුණක් නොලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත්වුණා.

විනේ කුමාර් ලකුණු 36යි. යුවරාජ් සිං ලකුණු 19ක් ලබාගත්තා. ඉර්ෆාන් පතන් ලකුණු 11යි.

රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 196ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 162ක් පමණයි.

ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් අසේල ගුණරත්න ලකුණු 19 ක් නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 11ක් සහ උපුල් තරංග ලකුණු 10ක් ලබාගත්තා. දිල්ෂාන් මුණවීර ලකුණු 9යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?