AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය මුදල් අමාත්‍යවරිය නැගෙනහිර පළාතේ සංචාරයක (ඡායාරූප)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ (01) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා.

ඒ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන්ගේ ආරාධනයකට අනුවයි.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ පූජාවන් සඳහා ද එක්ව තිබෙනවා.

මේ අතර ඊයේ දහවල් මහනුවර ගිය ඇය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ද ලබා ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද නිර්මලා සීතාරාමන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඊයේ (01) දිනයේ දිවයිනට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?