ඉන්දීය මහ කොමසාරිස්වරයා ටිල්වින් සිල්වා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ද හමු වී ඊයේ (13) සාකච්ඡා පවත්වා ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?