ඉන්දීය පිළේ ව්‍යාජ පන්දු රැකීමෙන් සිය ජයග්‍රහණය අහිමි වූ බවට බංග්ලාදේශයෙන් චෝදනාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරන්නේ ඉන්දීය කණ්ඩායමේ ව්‍යාජ පන්දු රැකීම හමුවේ තමන්ට හිමිකරගන්නට තිබූ මෙම තරගයේ ජය ඉන්දියාව තමන් සතුකර ගත් බවයි.

ඊයේ (02) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ලින්ටන් දාස් විසින්, අක්ෂා පටෙල් යොමුකළ 07 වන පන්දුවාරයේ දී ඩීප් පොයින්ට වෙත එල්ල කළ පහරක දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදුකළ බවයි බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සඳහන් කළේ.

එහිදී කෝලි විසින් සිදුකළ එම ව්‍යාජ පන්දු රැකීම තරගයේ පිටියේ නිසුරුවරුන් ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රවුන් සහ මාරයිස් ඉරැස්මස්ගේ ඇස නොගැටීම හේතුවෙන් තම කණ්ඩායමට හිමිවීමට තිබූ ලකුණු පහක් අහිමිව ගිය බව නුරුල් පවසා සිටියා.

ඉන්දීය ක්‍රීඩක අර්ෂදීප් සිං විසින් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත යොමුකළ පන්දුව තමා වෙත ලැබූ බවට මවා පාමින් කෝලි මෙම රංගනය සිදුකළ බව දැකිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී විනිසුරුවන් කෝලිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05 කණ්ඩායමට නොලැබීම හේතුවෙන් තමන් සතු වන්නට තිබූ ජයක් මඟ හැරී ගිය බව නුරුල් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?