ඉන්දීය පිළේ ව්‍යාජ පන්දු රැකීමෙන් සිය ජයග්‍රහණය අහිමි වූ බවට බංග්ලාදේශයෙන් චෝදනාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරන්නේ ඉන්දීය කණ්ඩායමේ ව්‍යාජ පන්දු රැකීම හමුවේ තමන්ට හිමිකරගන්නට තිබූ මෙම තරගයේ ජය ඉන්දියාව තමන් සතුකර ගත් බවයි.

ඊයේ (02) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ ලින්ටන් දාස් විසින්, අක්ෂා පටෙල් යොමුකළ 07 වන පන්දුවාරයේ දී ඩීප් පොයින්ට වෙත එල්ල කළ පහරක දී විරාත් කෝලි මෙම ව්‍යාජ පන්දු රැකීම සිදුකළ බවයි බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සඳහන් කළේ.

එහිදී කෝලි විසින් සිදුකළ එම ව්‍යාජ පන්දු රැකීම තරගයේ පිටියේ නිසුරුවරුන් ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රවුන් සහ මාරයිස් ඉරැස්මස්ගේ ඇස නොගැටීම හේතුවෙන් තම කණ්ඩායමට හිමිවීමට තිබූ ලකුණු පහක් අහිමිව ගිය බව නුරුල් පවසා සිටියා.

ඉන්දීය ක්‍රීඩක අර්ෂදීප් සිං විසින් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත යොමුකළ පන්දුව තමා වෙත ලැබූ බවට මවා පාමින් කෝලි මෙම රංගනය සිදුකළ බව දැකිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී විනිසුරුවන් කෝලිට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ව්‍යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු 05 කණ්ඩායමට නොලැබීම හේතුවෙන් තමන් සතු වන්නට තිබූ ජයක් මඟ හැරී ගිය බව නුරුල් ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18