ඉන්දීය ප්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් 31ක් මරුට – ත්‍රස්තවාදය වපුරන බවට චෝදනාවකුත්

ඉන්දියාව ත්‍රස්තවාදය වපුරන බවට පාකිස්තානය චෝදනා කරනවා.

‘ද ඩවුන්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඉන්දීය ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත්, ඒ පිළිබඳ ව පාකිස්තාන රජය සිය ශෝකය පළ කර ඇති බවයි.

නවදිල්ලියේ ක්‍රියා “ත්‍රස්තවාදය” ලෙස හඳුන්වමින් පාකිස්තානය පවසන්නේ, පාලන රේඛාවේ (LoC) අඛණ්ඩ සටන් විරාම උල්ලංඝනයන් ඉන්දියාව විසින් සිදු කරන ලද බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඉන්දීය පාර්ශ්වයෙන් විවිධ විවේචන සිදු කෙරුණ ද පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයින් අතර විවෘත සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග විවෘත ව පවතින බවයි වාර්තා වන්නේ.

පකිස්ථාන හමුදාව ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් ඊයේ දිනයේ දී බිම හෙලනු ලැබුවා.

ඊයේ පස්වරුව වන විටත් දෙරට අතර කාලතුවක්කු ප්‍රහාර දිගටම එල්ල වූ අතර පන්ජාබ්හි අහමඩ්පූර් නැගෙනහිර, මුරිඩ්කේ, සියල්කොට් සහ ෂක්කර්ගාර් සහ අසාද් කාශ්මීරයේ මුසෆරාබාද් සහ කොට්ලි යන ස්ථාන හයට ඉන්දීය ප්‍රහාරවලින් සිදු වූ හානියේ තරම පාකිස්තාන බලධාරීන් හෙළි කළා.

පාකිස්තාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ජල විදුලි ව්‍යාපෘතියකට ද ඉන්දීය හමුදා විසින් ෂෙල් ප්‍රහාර එල්ල කළ බවයි.

නීලම්-ජෙලම් ජල විදුලි ව්‍යාපෘතියේ (NJHP) අභ්‍යන්තර ව්‍යුහය පෙර දින රාත්‍රියේ ඉන්දියාව ඉලක්ක කර ගත් බවත්, එමඟින් අභ්‍යන්තර ගේට්ටු සහ හයිඩ්‍රොලික් ආරක්ෂණ ඒකකයකට හානි සිදු වූ බවත්, ව්‍යාපෘතියකට අයත් ගිලන් රථයකට ද ප්‍රහාර එල්ල කර ඇති බවත් මුසෆරාබාද් නියෝජ්‍ය කොමසාරිස් මුදසර් ෆාරුක් පැවසුවා.

ජිනීවා සම්මුතීන්ට අනුව, පානීය ජල සැපයුම්/ස්ථාපනයන් සහ වාරිමාර්ග කටයුතු වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ නිෂ්ඵල වස්තූන් බවට පත් කිරීම තහනම් බව ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි ඉන්දියාවට චෝදනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?