ඉන්දීය ප්‍රහාරවලින් පාකිස්තාන සිවිල් වැසියන් 31ක් මරුට – ත්‍රස්තවාදය වපුරන බවට චෝදනාවකුත්

ඉන්දියාව ත්‍රස්තවාදය වපුරන බවට පාකිස්තානය චෝදනා කරනවා.

‘ද ඩවුන්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඉන්දීය ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත්, ඒ පිළිබඳ ව පාකිස්තාන රජය සිය ශෝකය පළ කර ඇති බවයි.

නවදිල්ලියේ ක්‍රියා “ත්‍රස්තවාදය” ලෙස හඳුන්වමින් පාකිස්තානය පවසන්නේ, පාලන රේඛාවේ (LoC) අඛණ්ඩ සටන් විරාම උල්ලංඝනයන් ඉන්දියාව විසින් සිදු කරන ලද බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙපාර්ශ්වයටම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඉන්දීය පාර්ශ්වයෙන් විවිධ විවේචන සිදු කෙරුණ ද පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයින් අතර විවෘත සාකච්ඡා සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග විවෘත ව පවතින බවයි වාර්තා වන්නේ.

පකිස්ථාන හමුදාව ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් ඊයේ දිනයේ දී බිම හෙලනු ලැබුවා.

ඊයේ පස්වරුව වන විටත් දෙරට අතර කාලතුවක්කු ප්‍රහාර දිගටම එල්ල වූ අතර පන්ජාබ්හි අහමඩ්පූර් නැගෙනහිර, මුරිඩ්කේ, සියල්කොට් සහ ෂක්කර්ගාර් සහ අසාද් කාශ්මීරයේ මුසෆරාබාද් සහ කොට්ලි යන ස්ථාන හයට ඉන්දීය ප්‍රහාරවලින් සිදු වූ හානියේ තරම පාකිස්තාන බලධාරීන් හෙළි කළා.

පාකිස්තාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ජල විදුලි ව්‍යාපෘතියකට ද ඉන්දීය හමුදා විසින් ෂෙල් ප්‍රහාර එල්ල කළ බවයි.

නීලම්-ජෙලම් ජල විදුලි ව්‍යාපෘතියේ (NJHP) අභ්‍යන්තර ව්‍යුහය පෙර දින රාත්‍රියේ ඉන්දියාව ඉලක්ක කර ගත් බවත්, එමඟින් අභ්‍යන්තර ගේට්ටු සහ හයිඩ්‍රොලික් ආරක්ෂණ ඒකකයකට හානි සිදු වූ බවත්, ව්‍යාපෘතියකට අයත් ගිලන් රථයකට ද ප්‍රහාර එල්ල කර ඇති බවත් මුසෆරාබාද් නියෝජ්‍ය කොමසාරිස් මුදසර් ෆාරුක් පැවසුවා.

ජිනීවා සම්මුතීන්ට අනුව, පානීය ජල සැපයුම්/ස්ථාපනයන් සහ වාරිමාර්ග කටයුතු වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ නිෂ්ඵල වස්තූන් බවට පත් කිරීම තහනම් බව ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි ඉන්දියාවට චෝදනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10