ඉන්දීය පළමු ඉනිම ලකුණු 574දී අත්හිටුවයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 574ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා ලකුණු 175ක් රැස්කළ අතර රිශාබ් පාන්ට් ලකුණු 96ක් රැස්කිරීමට සමත් වුණා.

තම 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විරාට් කෝලි ලකුණු 45ක් රැස්කිරීමට සමත් වූ අතර රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 61ක් රැස්කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?