AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ධීවරයින් 22ක් සමග යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 22 දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (06) පෙරවරුවේ මන්නාරමට දකුණු මුහුදු තීරයේ කුදිරමලේ තුඩුවේ දී යි මෙම සැකකරුවන් සිය භාරයට නාවික හමුදාව ගැනුණේ.

මෙම ධීවරයින් නීතිවිරෝධී අයුරින් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදීම හේතුවෙනුයි මෙලෙස නාවික හමුදාව භාරයට ගෙන ඇත්තේ.

ධීවරයින් 22 දෙදෙනා සමගින් ඔවුන් ධීවර කටයුතු සඳහ පැමිණි යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරුවන් ව කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?