ඉන්දීය ධීවරයින්ගේ කරදර ඉවසන්න බැරිව යාපනයේ ධීවරයින් සත්‍යග්‍රහයක (ඡායාරූප)

ඉන්දියානු ධීවරයින්ගෙන් නොකඩවා එල්ලවන තාඩන පීඩන හා උතුරු මුහුද ආක්‍රමණයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය කඩාවැටී ඇතැයි පවසමින් යාපනයේ ධීවර සංගම් කිහිපයක සාමාජිකයින් පිරිසක් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිටට යාපනයේ ධීවරයින් පිරිසක් ගොස් විරෝධතාවක නිරත වූ අතර අදාල විරෝධතාවයේ නිරත ධීවරයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාපනය පොලිසිය ඊයේ (19 ) දින පියවර ගනු ලැබුවා.

විරෝධතාවයේ නිරත වූ ධීවරයින් ඉවත් කිරීම හේතුවෙන් අදාල ධීවරයින් විසින් යාපනය ජෝන් බොස්කෝ පාසල ආසන්නයේදී ඉන්දීය ධීවරයින්ට එරෙහිව විසඳුම් ලබාදෙන මෙන් සත්‍යග්‍රහායක් ආරම්භ කිරීමට පියවර ගත්තා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ,

මේ වන විට ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දැල් ආම්පන්න මෙන්ම ධීවර යාත්‍රාද විනාශ කොට ඇති අතරම උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පතද අත්පත් කරගෙන ඇති බවටත් උතුරේ ධීවරයාගේ ආර්ථීකය දිනෙන් දින අඩුවන අතරම ධීවර කර්මාන්තයද කඩාවැටීමේ අවධානමක් පවතින බවටයි.

රජයට අවස්ථා කිහිපයකදී ධීවරයින් මේන්ම ධීවර සංගම් විසින් මෙම ගැටළුවට විසඳුම් ඉල්ලුවද ලැබෙන තාවකාලික විසඳුම්වලින් මේ දක්වා ස්ථීර විසඳුමක් කරා නොයෑමෙන් ගැටළු බරපතල වී ඇති බැවින් වහාම ස්ථීර විසඳුමක් ලබාදෙන තුරු සිය සත්‍යග්‍රහය නොකඩවා දියත් කරන බවටද සත්‍යග්‍රහයේ නිරත ළුූ ධීවර සංගම් නියෝජිතයින් වැඩිදුරටත් කියා සිටියා.

17108420420 1 scaled
IMG 20240319 WA0059 1080 2
IMG 20240319 WA0058 1080 2
IMG 20240319 WA0050 1080 2
24 65f931fa810c2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04