ඉන්දීය ධන කුවේර පුත් ආනන්ද් අම්බානිගේ මඟුල අදයි – මන්ත්‍රී නාමල්ටත් ඇරයුමක්

ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා මෙන් ම ලොව ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටින මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ විවාහ මංගල්‍යය අද සිදු වනවා.

මාස ගණනාවක සිට මෙම මංගල්‍යය විවිධ ස්වරූපයෙන් පැවැත්වුණු අතර එය ඉන්දීය සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර අනුකූල ව සිදු කිරීමටයි කටයුතු යොදා තිබුණේ.

එම විවාහ සැමරුම් සැණකෙළිවල දී ආනන්ද් අම්බානි සිය බිරිඳ වන රාධිකා මර්චන්ට් සමග විවාහ ගිවිස ගැනීම සිදු කෙරුණා.

අද දිනයේ දී එම විවාහ ගිවිස ගැනීම මංගල උත්සවයක් ලෙස අති උත්කර්ෂවත් ව පැවැත්වෙනු ඇති.

අම්බානිගේ පුත්‍රයාගේ මංගලෝත්සවය සඳහා ලොව ප්‍රසිද්ධතම ධන කුවේරයින් මෙන් ම ප්‍රභූ පැලැන්තිය ද එක් වුණා.

ජනාධිපතිවරුන් සේ ම ප්‍රබල රටවල දේශපාලන නායකයින්, මෙටා සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් ඇතුළු පිරිස ද ඒ අතර වුණා.

මාස ගණනාවක් පුරා පැවැත්වෙන මෙම මංගලෝත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ද ඇරයුම් පතක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මංගල්‍යයට එක්වීම සඳහා නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගොස් තිබෙනවා.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ පතිනිය බවට පත් වූයේ එරට ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණිය වන රාධිකා මර්චන්ට්.

මුම්බායි නගරයේ දී දින 04ක මංගලෝත්සවයක් ලෙස මෙය මෙම මාසයෙන් නිමාවට පත් වනු ඇති.

අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය මාර්තු මාසයේ සිට සිදු කෙරෙන අතර එය මෙතෙක් ලොව ගත් විශාලතම විවාහ මංගලෝත්සවය ලෙස ද ඉතිහාසගත ව තිබෙනවා.

එමෙන්ම මංගල උත්සවයට පැමිණෙන අමුත්තන් රැගෙන යාමට ෆැල්කන් 2000 වර්ගයේ ජෙට් යානා තුනක් ද කුලියට ගෙන ඇති බවත් වාර්තා න්වනවා.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයායි.

මෙම උත්සවයට අද දිනයේ දී දේශපාලන ප්‍රභූ පැළැන්තියට අමතර ව එරට ක්‍රිකට් කණ්ඩායම, හොලිවුඩ් හෙල්ලූ ජනප්‍රිය ගායන තරු වන ජස්ටීන් බීබර්, රිහානා ඇතුළු පිරිසක් ද එක් වනු ඇති.

අම්බානි යනු 1966 වර්ෂයේ දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යන ඛනිජ තෙල් සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ ටෙලිකොම් දක්වා විවිධ අංශවල ධනපතිවාදය අත්පත් කරගත් අයෙක්.

ආනන්ද් අම්බානි යනු පවුලේ දරුවන්ගෙන් බාලයා වන අතර ඔහු තවමත් 29 හැවිරිදි වියෙහි පසුවනවා.

ඔහු සිය පියාගේ ව්‍යාපාරය වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙක්.

කෙසේවෙතත් ඉන්දීය ඇතැම් ජනතාව එරට පොලිසියට පැමිණිලි කර ඇත්තේ මුම්බායි හි පැවැත්වෙන මෙම මංගලෝත්සවය නිසා සිය දෛනික රාජකාරි කටයුතුවලට මාර්ග අවහිර වීම හේතුවෙන් බාධා එල්ල වී ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34