AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව බී 1617 කොරෝනා වෛරස් ප්‍රභේදය ගෝලීය අවදානම් සහිත ප්‍රභේදයක් ලෙස නම් කර තිබෙනවා.

මීට පෙර බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයා ගැනුණු කොරෝනා වෛරස් ප්‍රභේද වැඩි ප්‍රචාරණයක් සහිත කොරෝනා ප්‍රභේද ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් ඊයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

ඉන්දීය ප්‍රභේදය මගින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවයි.

එමෙන්ම, එය මේ වනවිට ලොව රටවල් රැසකට පැතිරී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා කර්කොව් සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ බවට සැලකෙන මළ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් බිහාරයේ ගංඟා නදී ඉවුරේ ගොඩගසා තිබී සොයා ගැනුණා.

තවත් මළ සිරුරු එහි පාවෙමින් පවතින අතර, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මළ සිරුරු සියයකට අධික සංඛ්‍යාවක් එලෙස නිරීක්ෂණය කර ඇති බවයි.

මෙම මළ සිරුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ගංඟා නදියට දමා ඇති බව සඳහන්.

කොරෛා්නා මළ සිරුරු ආදාහනය කිරීම සඳහා මුදල් නොමැති ඉන්දියානුවන් එම විකල්පය තෝරාගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එක් මළ සිරුරක් ගිලන් රථයකට පැටවීම සඳහා පමණක් රුපියල් දෙදහසක් පමණ අය කිරීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?