විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය හමුවේ ලද දරුණු පරාජයත් සමඟ මෙවර අවසන් මහා තරගයට එක්වීමට තිබූ ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු බොඳව ගියා.
ඉන්දීය කණ්ඩායම ඊයේ ලැබූ මෙම දරුණු පරාජයත් සමඟ එම කණ්ඩයමේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉන්දීය ජාතික සුනිල් ගවස්කාර් පවසනවා.
ඊයේ (10) තරගයෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ, අනුව රෝහිත් ෂර්මා ඉවත් වූ පසු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා නායකත්වයට පත්වනු ඇතැති බවයි ගවස්කාර්ගේ මතය වී ඇත්තේ.
වයස අවුරුදු 30 ගණන්වල මැද භාගයේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ ඔවුන්ගේ ස්ථානය පිළිබඳව නැවත සලකා බලනු ඇති බවයි ගවස්කාර් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ගවස්කාර්ගේ මෙම අදහසට අනුව මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියාවන විරාත් කෝලි, ඉන්දීය පිළේ නායක රෝහිත් ෂර්මා, දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ දිනේෂ් කාර්තික් වැනි 30 ගණන්වල මැද භාගයේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළ රැඳීම ගැටලුකාරී වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.













