ඉන්දීය ඖෂධයක් නිසා තවත් රටකින් ළමා මරණ වාර්තා වෙයි

ඉන්දීය සමාගමක් මගින් නිෂ්පාදිත සිරප් වර්ගයක් ලබා ගැනීමෙන් පසු උස්බෙකිස්ථානයේ ළමුන් 19 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

අදාළ මරණවලින් අනතුරුව ඖෂධ නිෂ්පාදකයා සිය නිෂ්පාදන නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

උස්බෙකිස්තානයේ ළමුන් 19 දෙනෙකුගේ මරණවලට කැස්ස සිරප් වර්ගයක් හේතු වී ඇති අතර පරීක්ෂණවල ප්‍රගතිය මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ඉන්දියානු නිෂ්පාදක සමාගමේ නියෝජිතයෙකු පැවසුවේ සමාගම මෙම මරණ පිළිබඳව කනගාටු වන අතර එහි නිෂ්පාදනය නතර කර ඇති බවයි.

කැස්ස සිරප් නිෂ්පාදනවල සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම සඳහා චන්දිගාර් හි ප්‍රාදේශීය ඖෂධ පරීක්ෂණ රසායනාගාරය වෙත යවා තිබෙනවා.

උස්බෙකිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සමර්කන්ඩ් නගරයේ ළමුන් 18 දෙනෙකු ඉන්දීය සිරප් පානය කිරීමෙන් මිය ගිය බවයි.

අද එරට මාධ්‍ය වසරක් වයසැති දරුවෙකුගේ තවත් මරණයක් වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මෙම ඖෂධ ලියාපදිංචි කිරීම, ආනයනය කිරීම සහ අලෙවියට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.

ලෝකය පුරා බොහෝ රටවලට විශ්වාසදායක සැපයුම්කරුවෙකු වන ඉන්දියාව මෙවැනි සිදුවීම් ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු සේවකයින් හත් දෙනෙකු සේවයෙන් පහ කළ අතර ඇතැම් විශේෂඥයින්ට එරෙහිව විනය පියවර ගත් බවයි.

ළමුන්ට මරු කැඳවූ ඖෂධ පෙති සහ සිරප් උස්බෙකිස්තානයේ සියලුම ඔසුසල්වලින් ඉවත් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මීටපෙර ද ඉන්දීය නිෂ්පාදනයක් වූ කැස්ස සිරප් වර්ගයක් හේතුවෙන් ගැම්බියාවේ ළමුන් 70 දෙනෙකු පමණ මරණයට පත්වුණා.

ඉන්දියාව ‘ලෝකයේ ඔසුහල’ ලෙස හඳුන්වනු ලබන අතර, පසුගිය දශකය තුළ එහි ඖෂධ අපනයනය දෙගුණයකින් වැඩි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34