ඉන්දීය ඉහළ පෙළේ දූත පිරිසක් අමෙරිකානු ජනපති හමුවෙති

ඉන්දීය ලෝක් සභාවේ සාමාජික ශෂී තරූර් ඇතුළු දූත පිරිසක් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් හමු වී තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ මෙම දූත පිරිස අමෙරිකානු උප ජනාධිපතිවරයා ව හමුවූයේ බ්‍රසීලයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව බවයි.

මෙම හමුවීම බ්‍රහස්පතින්දා සිදු වූ අතර හමුවීමෙන් පසුව ශෂී තරූර් සිය නිල X සටහනේ සටහනක් තබමින් පවසා ඇත්තේ ”ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු විවිධ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පැවති බවයි”.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?