spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය අවිවාහක කාන්තාවන් සම්බන්ධව ඓතිහාසික නඩු තීන්දුවක්

ඉන්දීය කාන්තාවන් පිරිසකට පමණක් මෙතෙක් හිමිව තිබූ ගබ්සා සිදුකරගැනීමට ඇති අයිතිය අවිවාහක කාන්තාවන්ට ද හිමිකරදීමට අධිකරණ තීන්දුවක් මඟින් කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව තුළ මෙතෙක් ගබ්සා සිදුකරගැනීමට අවසර හිමි වුණේ විවාහක, දික්කසාද, වැන්ඳඹු කාන්තාවන්ට, බාලවයස්කාර දැරියන්ට, මානසික ආබාධ සහිත කාන්තාවන්ට මෙන්ම දූෂණයට ලක්වූ කාන්තාවන්ට පමණයි.

ඉන්දීය උපරිමාධිකරණය විසන් ලබාදුන් මෙම සුවිශේෂී නඩු තීන්දුවත් සමඟ අවිවාහක කාන්තාවන්ට ද ගබ්සා සිදුකරගැනීමේ අයිතිය හිමි වුණා.

අවිවාහක කාන්තාවන්ට ද ගබ්සා අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ඉන්දීය අධිකරණය හමුවේ අවිවාහක සහකරුවාගෙන් ගැබ් ගත් කාන්තාවක් විසින් පෙත්සමක් ගොනුකර තිබුණා.

දීර්ඝ කාලයක් පුරාවට විභාගයට ගත් මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කරමින් ඉන්දීය උපරිමාධිකරණය දැනුම් දුන්නේ අවිවාහක කාන්තාවන්ට පළමු සති 24 තුළ ගබ්සා සිදු කරගැනීමට නීතියෙන් අවසරය ලබාදෙන බවයි.

තම සිරුර පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන් සතුවිය යුතු බව එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය අවධාරණය කර සිටියා.

මෙම තීන්දුව ඉන්දීය අවිවාහක කාන්තාවන් ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් බවටයි බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?