ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම්වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගනු ලැබුවා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය අසෝක කමලදාස, නිතිඥ නුවන් බැල්ලන්තුඩාව, ශමේන්ද්‍ර වික්‍රමආරච්චි, චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන් සහභාගී වුණා.
නීතිපති දෙපාර්තුමේන්තුව විසින් විරෝධතා මතු කිරීමක් ද මෙහිදී සිදු කරනු ලැබුවා.
මෙම ගිවිසුම් අත්සන් කර තිබෙන ආකාරය අනුව මාස තුනකට පසුව මෙම ගිවිසුම්වලට එරෙහිව අධිකරණයේ කරුණු දැක්වීමට නොහැකි හෙයින් මාස තුනකට පෙර මෙම නඩුව විභාගයට ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට නියෝග කළා.












