ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අත්හැර දමයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අත්හැර දමා තිබෙනවා.

ඒ පාකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භයට වර්ෂාවෙන් එල්ල වූ බාධාව හේතුවෙන්.

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පාකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට හෝ හැකියාවක් ලැබුණේ නැහැ. මේ හේතුවෙන් තරග තීරකයන් තීරණය කළේ ජය පරාජයකින් තොරව තරගය අත්හැර දැමීමටයි.

ඉන්දීය ඉනිමේ අවස්ථා දෙකකදී ද වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කෙරුනු අතර පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භයට ද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබුණා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තරග තීරකයන් විසින් තණතිලි පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී තීරණය කෙරුණේ තරඟය අත්හැර දැමීමටයි.

ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලැබී තිබූ ඉලක්කය ලකුණු 267ක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

ඉෂාන් ක්‍රිෂන් පන්දු 81කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

හර්දික් පාන්ඩ්යා පන්දු 91කින් ලකුණු 87ක් ලබාගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

Shreyas Iyer ලකුණු 14ක් ලබා ගත්තා. නායක රෝහිත් ශර්මා 11යි. විරාත් කෝලි ලකුණු 4කට දැවී ගියා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් බිඳහෙළුවා. හැරිස් රාවුෆ් කඩුලු 3යි. Naseem Shah කඩුලු 3ක් දවා ගත්තා.