AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව සමඟ 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්ව ඇති අතර එහි නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකටයි හිමිව ඇත්තේ.

එළඹෙන 24 වනදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ එක්කර නැහැ.

මේ අතර එම සංචිතයට මෙවර 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දැක්වූ අශේන් ඩැනියල් එක්කර තිබීම විශේෂත්වයක්.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 24, 26 සහ 27 යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරගාවලිය වෙනුවෙන් නම්කළ සංචිතය පහතින්.

දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිශාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, අශේන් ඩැනියල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?