ඉන්දියාවේ පිරිසක් අලෙවි කරන්න ගිය “මහා විනාශය” පොලීසිය හසුකරගනී

ඉන්දියාවේ ඊසානදිග දිස්ත්‍රික්කය වන ජාර්කන්ඩ් හී ඇති බොකරෝ ප්‍රදේශයේ පොලීසිය විසින් කළ වැටලීමකදී ප්‍රබල විකරණශීලි මූලද්‍රව්‍යයක් වන යුරේනියම් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනුත් විශේෂ විමර්ශනයක් ද මේ වනවිටත් ආරම්භ ඇති බවත් සඳහන් වෙනවා.

පොලීසිය විසින් දිස්ත්‍රික්කය පුරාවටම කරපු විශේෂ මෙහෙයුම්වලදී යුරේනියම් කිලෝග්‍රෑම් 06ක ප්‍රමාණයක් සොයා ගන්නටත් සමත් වෙලා තිබෙනවා.

ලෝකයේ න්‍යෂ්ටික අවි ඇතුළු න්‍යෂ්ටික බලය උත්පාදනය කිරීම් වැනි දේවල් සඳහා මෙම ප්‍රබල බලයකින් යුතු යුරේනියම් යොදා ගන්නා බවත් සඳහන්. මෙම සොයා ගත් යුරේනියම්වල සාම්පල් අධිකරණ විශේෂඥයින් වෙතද වැඩිදුර විමර්ශන සඳහා යවා තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනාව දින 02ක් තිස්සේ ප්‍රශ්න කර තිබෙන අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර බවයි පොලිසීය පවසන්නේ.

දැනට සිදුවුණු විමර්ශනවලින් වාර්තා වන්නේ ජාර්කන්ඩ් හී වෙළෙඳසැල් හිමියෙක් ඇමෙරිකාවෙන් මෙම යුරේනියම් ගෙන්වා ගෙන තියෙන බවත් පසුව ඔහු විසින් මෙම යුරේනියම් පිරිසක් අතර බෙදාහැර තිබෙනවා. ඉන්දියාවේ මෙම යුරේනියම්වල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි ගණනකට වඩා වැඩි බවයි.

මීට පෙරත් ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ පසුගිය මැයි මාසයේ දී ත්‍රස්ත විරෝධී බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් මෙවැනි ආකාරයේ යුරේනියම් ළඟ තබාගෙන සහ අලෙවි කර තිබු පුද්ගලයින් පිරිසක් යුරේනියම් කිලෝග්‍රෑම් 07ක් සමඟ අත්අඩංගුවට ගෙන තියෙනවා.

මෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් මෙලෙසම යුරේනියම් ළඟ තබාගෙන අලෙවි කර තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?