ඉන්දියාවේ දේශපාලනය අවුල් කරන පාකිස්ථාන සබඳතා ගැන හෙළිදරව්වක්

සමාජ මාධ්‍ය වේදිකාවක් වන X එහි ‘About This Account’ විශේෂාංගය ගෝලීය වශයෙන් හෙළි කළ දා සිට, එය අවුල් සහගත තත්වයක් ඇති කර තිබෙනවා.

Make America Great Again ප්‍රචාරණය හෙළිදරව් කිරීමේ සිට ස්පෑම් ගිණුම් විශාල වශයෙන් ට්‍රොල් කිරීම දක්වා, X පරිශීලකයින් කාර්යබහුල කරනු ලැබුවා.

නව හෙළිදරව්වකින්, විදේශයන්හි ක්‍රියාත්මක වන X ගිණුම් ජාලයක් රට තුළ දේශපාලන ප්‍රචාරණය සහ භේදකාරී ආඛ්‍යාන වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු පරිශීලකයින් ලෙස පෙනී සිටින බව දැන් හෙළිදරව් වී ඇති අතර මෙම ගිණුම් බොහොමයක් පකිස්ථානයේ සහ බටහිර ආසියාවේ සිට ක්‍රියාත්මක වන බව අනාවරණ වනවා.

India Today හි Open-Source Intelligence (OSINT) කණ්ඩායම සිය සොයාගැනීම් නිකුත් කළ අතර, පාකිස්තානය වැනි ප්‍රදේශවලින් ක්‍රියාත්මක වූ ඉන්දියානු ගිණුම් සම්බන්ධයෙන් ඉන් අනාවරණ කර තිබෙනවා.

එලෙස හඳුනාගත් එක් ගිණුමක්, රතු බලකොටුව ප්‍රහාරයට සහ බිහාර් මැතිවරණ වැනි මාතෘකා යටතේ ඉන්දීය රජයට එරෙහිව පළ කිරීම් 2,000 කට වඩා පළ කර ඇති අතර නව X විශේෂාංගයෙන් හෙළි වූයේ මෙම ගිණුම ඇත්ත වශයෙන්ම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ හා සමානව, බටහිර ආසියාවේ සහ සෞදි අරාබියේ කලාපවල ගිණුම් ඉන්දියානුවන් ලෙස පෙනී සිටිමින් දේශපාලන හා ආගමික කරුණු පිළිබඳ උණුසුම් වාද විවාදවල නියැලී සිටින බව ද අනාවරණ කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?