AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ දරුණු බස් අනතුරක් – 20ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අල්මෝරා ප්‍රදේශයේ දී අද (04) උදෑසන බස් රථයක් දරුණු අනතුරකට ලක්ව තිබෙනවා.

ගාර්වාල් සිට කුමාඕන් දක්වා ගමන් කරමින් තිබිය දී ගංගාවකට බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහි සිටි මගීන් විසිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 40 දෙනෙකු ගමන්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ගංගාවට පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

රථය මාර්ගයේ සිට මීටර් 200ක් පමණ පහළින් ඇති ගංගාවකට මෙලෙස පෙරළී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
13
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?