ඉන්දියාවේ ආරක්ෂක අපනයන වාර්තාගත ලෙස ඉහළට

2023-24 දී ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන ආර්ථික වටිනාකම රුපියල් කෝටි 127 ලක්ෂයක වාර්තාගත ඉහළ අගයක් ගත් අතර, රට රටවල් 90කට අධික සංඛ්‍යාවකට හමුදා දෘඪාංග අපනයනය කරන බව ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිවේදනය කළා.

මෙම සන්ධිස්ථානය NDA රජය යටතේ ‘මේක් ඉන් ඉන්දියා’ වැඩසටහනේ 10 වැනි සංවත්සරය සමඟ සමපාත වනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන ආරක්ෂක ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා ස්වයං විශ්වාසයක් ළඟා කර ගැනීම අරමුණු කර ගෙන තිබෙනවා.

මෑත වසරවලදී, විශේෂයෙන්ම චීන දේශසීමාවේ මිලිටරි සූදානම වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දේශීය ආරක්ෂක නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ගනු ලැබුවා.

2023-24 දී පළමු වරට ආරක්ෂක අපනයන රුපියල් කෝටි 21,000 ඉක්මවා ඇති අතර එය වසර පහක් ඇතුළත රුපියල් කෝටි 50,000 දක්වා වැඩි කිරීමට අමාත්‍යාංශයේ ඉලක්කයයි.

ආරක්ෂක අමාත්‍යාංශය වසර පහක් ඇතුළත ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 25ක පිරිවැටුමක් අපේක්ෂා කරනවා.

2020 මැයි මාසයේදී, රජය විසින් ආරක්ෂක අංශයේ සෘජු විදේශ ආයෝජන (FDI) සීමාව 49% සිට 74% දක්වා ඉහළ නැංවූ අතර, විශේෂිත අවස්ථාවන්හිදී 100% FDIවලට ඉඩ ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?