ඉන්දියාවේ අහමදාබාද් නුවර සිට කටුනායකට නව ගුවන් සේවයක්

ඉන්දියාවේ, අහමදාබාද් නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත, ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) අද (19) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8.ඩී.- 964 දරන මෙම ගුවන් යානය අද දින පස්වරු 02.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක්, ෆිට්ස් එයාර් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර , එහි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 168 දෙනෙක් පැමිණ සිටියා .

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන අහමදාබාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට මීට පැය 10 ක ගුවන් ගමනක යෙදීමට සිදු වී තිබූ අතර , එය මෙම නව ගුවන් සේවය මගින් එය පැය 02 විනාඩි 50 දක්වා අඩු කිරීමට සමත් ව තිබෙනවා.

මින් පසු මෙම ගුවන් යානා සතියේ සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල අහමදාබාද් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17