රටට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් ධාවනය කළ හැකි විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බව Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා අනාවරණය කරයි.
මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසර මැද වනවිට ශ්‍රී ලංකාවේ අලෙවිකිරීම ආරම්භ කරන බවත් මෙය විදේශීය වෙළෙඳපොළට අලෙවිකර ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබේ.
“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩිවන විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ.
මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.“ වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගමයි.
මෙම විදුලි ත්‍රිරෝද රථය පිළිබඳව ආචාර්ය බේෂාන් කුලපාල මහතා සමග අන්තර්ජාල නාලිකාවක් පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙහි වෙයි.














අනේ කොච්චර හොඳ දෙයක්ද…
අපේ රටේ ඉංජිනේරුවන් අතින්, අපේම රට තුලදී නිමැවුණ සාර්ථක නිෂ්පාදනයක් බවට පත් වේවි…ඉන්දියාවෙන් ත්‍රීවීලර් ගෙන්නන්න යන මුදල් ඉතිරි වේවි අප රටට… මෙය හරි ආකාරයෙන් ජනතාව අතරට ගෙනයා යුතුයි…
May be a dawn and new era of Sri lankan vehicle industry. Wish all the best to get success.
3 Wheel ma thama
හොඳ දේටත් හිනාවෙන කුහකයො ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති….ඉතින් කොහොමද රටක් විදිහට නැගිටින්නෙ මේ වගේ කුහකයො එක්ක…
කාටවත් kකනේ pපහරක් ගැසීමට නොව ,ලංකාවේ දියුණුව වෙනුවෙන් කරන්න ..