Fly high Get bonus Aviator Phone

ඉන්දියාවට කනේ පහරක් ගසා ලංකාව තනියම නැගිටියි

රටට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් ධාවනය කළ හැකි විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බව Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා අනාවරණය කරයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසර මැද වනවිට ශ්‍රී ලංකාවේ අලෙවිකිරීම ආරම්භ කරන බවත් මෙය විදේශීය වෙළෙඳපොළට අලෙවිකර ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබේ.

“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩිවන විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ.

මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.“ වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගමයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය පිළිබඳව ආචාර්ය බේෂාන් කුලපාල මහතා සමග අන්තර්ජාල නාලිකාවක් පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙහි වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
673
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?