ඉන්දියාවට අභියෝග කළ හැකි ක්‍රමය ක්‍රිස් සිල්වර්වුඩ් අවසන් තරගයට පෙර හෙළිකරයි

ඉන්දියාව වැනි කණ්ඩාමකට එරෙහිව සමව තරග වැදීමට නම් තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට මැද පිතකිරුවන් ඉදිරියට පැමිණ වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා පිළේ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

අවසන් එක්දින තරගය පෙර පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මේ බව සඳහන් කළා.

දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් 17 වන පන්දුවාරය වන විට එක් කඩුල්ලකට ලකුණු 102ක් ලබාගෙන ස්ථාවර මට්ටමක පැවතියා.

එවැනි සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද 40 වන පන්දුවාරය අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා පිළ ලකුණු 215 කට සීමා වුණා.

“ඉනිම මැදදි වුණා වගේ අපේ කඩුලු බිඳ වැටෙන්න බැහැ. හෙට තරගයේදී අපේ ලකුණු සංඛ්‍යාව ඉහළට රැගෙන යෑමට මැද පෙළේ ඉන්න ජ්‍යෙෂ්ඨ කීඩකයින් වග බලාගන්න ඔ්නෑ. එහෙම වුණොත් අපිට ඉන්දියාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පසුගිය තරග වලදී එහෙම දෙයක් වුණේ නෑ” යැයි සිල්වර්වුඩ් සඳහන් කර සිටියේය.

“අපි හොද ආරම්භයක් ලබා ගත්තා. නමුත් දඟ පන්දු යවන්නන් පැමිණිමත් සමඟ අපි කඩුලු බිඳ වැටී පීඩනයක් ලක් වුණා. ඇත්තටම පළමුව ඔවුන පන්දු යවන ආකාරය, ඔවුන් සටන් වදින ආකාරය වගේම අපිව පීඩනයට ලක් කළ ආකාරය පිළිබඳව ඉන්දීය කණ්ඩායමට ගෞරව හිමිවිය යුතුයි. ඒ කඩුලු අහිමිවීම නිසා සියල්ල අපිට අහිමි වුණා.” යනුවෙන් ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩක අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකරනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරහි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී අද තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොත්තුවෙන් තරගයට අවතීර්ණ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18