spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට අභියෝග කළ හැකි ක්‍රමය ක්‍රිස් සිල්වර්වුඩ් අවසන් තරගයට පෙර හෙළිකරයි

ඉන්දියාව වැනි කණ්ඩාමකට එරෙහිව සමව තරග වැදීමට නම් තරගකාරී ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට මැද පිතකිරුවන් ඉදිරියට පැමිණ වගකීම භාරගත යුතු බව ශ්‍රී ලංකා පිළේ ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

අවසන් එක්දින තරගය පෙර පවතී මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මේ බව සඳහන් කළා.

දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් 17 වන පන්දුවාරය වන විට එක් කඩුල්ලකට ලකුණු 102ක් ලබාගෙන ස්ථාවර මට්ටමක පැවතියා.

එවැනි සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද 40 වන පන්දුවාරය අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා පිළ ලකුණු 215 කට සීමා වුණා.

“ඉනිම මැදදි වුණා වගේ අපේ කඩුලු බිඳ වැටෙන්න බැහැ. හෙට තරගයේදී අපේ ලකුණු සංඛ්‍යාව ඉහළට රැගෙන යෑමට මැද පෙළේ ඉන්න ජ්‍යෙෂ්ඨ කීඩකයින් වග බලාගන්න ඔ්නෑ. එහෙම වුණොත් අපිට ඉන්දියාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා. පසුගිය තරග වලදී එහෙම දෙයක් වුණේ නෑ” යැයි සිල්වර්වුඩ් සඳහන් කර සිටියේය.

“අපි හොද ආරම්භයක් ලබා ගත්තා. නමුත් දඟ පන්දු යවන්නන් පැමිණිමත් සමඟ අපි කඩුලු බිඳ වැටී පීඩනයක් ලක් වුණා. ඇත්තටම පළමුව ඔවුන පන්දු යවන ආකාරය, ඔවුන් සටන් වදින ආකාරය වගේම අපිව පීඩනයට ලක් කළ ආකාරය පිළිබඳව ඉන්දීය කණ්ඩායමට ගෞරව හිමිවිය යුතුයි. ඒ කඩුලු අහිමිවීම නිසා සියල්ල අපිට අහිමි වුණා.” යනුවෙන් ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩක අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකරනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරහි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී අද තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත තරගාවලි අවසානයක් බලාපොරොත්තුවෙන් තරගයට අවතීර්ණ වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?