spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි සති දෙකේ ඖෂධ හිඟ වන ලකුණු

ඉදිරි සති කිහිපය තුළ දිවයින පුරා සෞඛ්‍ය ආයතන තුළ ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වනවිට පිළිකා නාශක ඖෂධ ,හෘද ,අපස්මාර, දියවැඩියා ,රෝගින් සඳහා භාවිතා කරන ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

තවද රජයේ ඖෂධවේදින්ගේ සංගමය චෝදනා කරමින් කියාසිටින්නේ මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියානු ණය අධාර ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්නා බවත් එම ඖෂධ ඇණවුම් කිරිමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවයි.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මේ වනවිට ඖෂධවලි හිඟයක් නොමැති බවත් පසුගිය කාලයේ ඉන්ධන හිඟය හේතුවෙන් ඖෂධ ප්‍රවාහනය කිරිමේ ගැටලු පැවැති බවත්ය.

ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී රෝහල් සඳහා ඖෂධ බෙදාහැරීම් සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?