ඉදිරි පියවර සම්බන්ධයෙන් පැවති මුදල් කාරක සභාවේ සාකච්ඡාවට සජිතුත් එක්වෙයි

ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මේ වන විට ඇති වෙමින් පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන්, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය (17) වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේම කාරක සභාවේ අවසරය සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර ද මෙම කාරක සභාව සඳහා සහභාගී වුණා.

මෙම කාරක සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ එකී අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වුණා.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මේ වන විට ඇති වෙමින් පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම බලපෑම් එල්ලවිය හැකි අංශ පිළිබඳව සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර සහ සැලසුම් සම්බන්ධයෙන් කාරක සභාවට කරුණු පැහැදිලි කළා.

එසේම අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සම්බන්ධවෙමින් සිය සැලසුම් සහ යෝජනා කාරක සභාව හමුවේ ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05