Update – ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 150කට වඩා වැඩි වැසි – කාලගුණයෙන් රතු නිවේදනයක්

අද (02) පස්වරු දෙකෙන් ආරම්භ වූ ඉදිරි පැය 24 තුළ පළාත් කිහියකට මිලිමීටර් 150කට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 150 කට වඩා වැඩි වැසි අත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

අද (02) පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එය දැක්වෙනේ මිලිමීටර් 152ක් ලෙසටයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
5
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?