ඉදිරි පැය කිහිපය තුළ අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රය සක්‍රීය වෙයි ද?

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රයේ ධාරිතාවය ඉදිරි පැය කිහිපය තුළ ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පවතින විදුලි අර්බුදය හමුවේ එම යන්ත්‍රයෙන් අහිමිවූ මෙගාවොට් 300ක විදුලි ධාරිතාව දැනට ආවරණය කරගැනෙන්නේ කැලණිතිස්ස ඩීසල් බලාගාරය මගිනි.

මේ අතර හෙට (31) රැස්වන කැබිනට් මණ්ඩලයේදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා සිටින බව විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරන නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් හදිසි බිඳවැටීමකට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 03 වනදාය.

එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරගන්නා තුරු පද්ධතියට අහිමි වූ මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව ආවරණය කරගැනෙන්නේ කැලණිතිස්ස ඩීසල් බලාගාරය මගින්.

කෙසේවෙතත් දැවිතෙල් හා ඩීසල් සපයාගැනීමේ අර්බුදයට මුහුණපා සිටින ලංකා විදුලිබල මණ්ඩලයට තාප විදුලි බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යාම ගැටලුවක් වී තිබේ.

ඒ අනුව ගල්අඟුරු මගින් විදුලිය ජනනය කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව තිබූ යන්ත්‍රයේ ධාරිතාව ඉදිරි පැය කිහිපය තුළ ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

එමගින් ජාතික විදුලි සැපයුමට යම්තාක්දුරට සහනයක් ලැබෙනු ඇති.

දැවිතෙල් මගින් සක්‍රිය කෙරෙන මෙගාවොට් 48ක සපුගස්කන්ද A බලාගාරය සඳහා අද දිනය වනවිට දැවිතෙල් සංචිත නොමැති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් සතිඅන්තයේ විදුලි ඉල්ලුමේ විශාල ඉහළ යාමක් අපේක්ෂා නොකරන බැවින් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවද මණ්ඩලය සඳහන් කළේය.

ඊයේ දිනයේ මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,565ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන් සියයට 67ක් තාප විදුලි බලාගාරවලින් (මෙගාවොට් 1718), සියයට 28ක් ජලවිදුලි බලාගාරවලින් (මෙගාවොට් 718), සියයට 5ක් සුළං, සූර්යබලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් (මෙගාවොට් 129) ආවරණය කර ගැනුණි.

මේ අතර හෙට දිනය දක්වා විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වනවිට නිවේදනය කර තිබෙන අතර බලාගාරවල ඉන්ධන සංචිත පිළිබඳව සොයාබලා හෙට දිනයෙන් පසු තීරණයක් දැනුම් දෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ එළඹෙන පෙබරවාරි 07 වනදා සිට 2021 උසස් පෙළ විභාගය ආරම්භ වන බැවින් එම කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින බවය.

මේ අතර දින 27ක පමණ කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

බොරතෙල් මිලදී ගැනීමට ඩොලර් සපයාගත නොහැකිවීමෙන් පසුගිය ජනවාරි මස 03 වැනිදා සිට පිරිපහදුව වසාදමන බව අමාත්‍යංශය මීට පෙර නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත් මෙට්‍රික්ටොන් 90,000ක බොරතෙල් ප්‍රමාණයක් රැගත් නෞකාවක් පසුගියදා දිවයිනට පැමිණි අතර එම බොරතෙල් පිරිපහදුව වෙත සැපයීමට පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53