ඉදිරියේ දී 10,000ක් පොලිස් සේවයට

ඉදිරියේ දී පොලිස් සේවය සඳහන් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

අද (17) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, සඳහා රජය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

නිලධාරීන් විශ්‍රාම යාම, රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම ඇතුළු හේතුවෙන් මෙලෙස පොලිසිය තුළ නිලධාරී හිඟයක් පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රභූ ආරක්ෂව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යළිත් පොලිස් ස්ථානවල සේවය සඳහා යෙදවීමට හැකිවීම සම්බන්ධයෙන් නිලධාරී හිඟය පියවා ගැනීමට යම් සහනයක් වී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම 40%ක පමණ පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් තමන් ජීවත්වන ප්‍රදේශයේම පොලිස් ස්ථානවල රාජකාරී කටයුතු සිදුකරන බවයි සඳහන් කළේ.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා පවසා සිටියේ; ගමේ පොලිස් නිලධාරීන් ගමේ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා යොදවා නොගැනීමේ දැඩි ස්ථාවරයක රජය පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53