AFC Banner
Empty Ad
Empty Ad

ඉතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට කොන්දොස්තරගෙන් කණේ පහරක්

පෞද්ගලික මගී බස් රථයක ගමන් කළ මාධ්‍යවේදියෙකු ගමන් වාරයට නිකුත් කළ ටිකට් පතේ ඉතිරි මුදල ඉල්ලා සිටීම නිසා කෝපයට පත්වූ කොන්දොස්තරවරයා මාධ්‍යවේදියගේ කනට පහරදීම සම්බන්ධයෙන් පෙරේදා (26වන දා) රාත්‍රියේ අනුරා්ධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාමට පැමිණිල්ලක් ඉදරිපත් කර ඇත.

අනුරාධපුර පදිංචි මාධ්‍යවේදියා සිය දියණියගේ අවශ්‍යතාවක් සඳා කොලඹට ගොස් කිරිබත්ගොඩ නගරයෙන් නැවත අනුරාධපුර නගරයට පැමිණීමට බස්රථයට නැඟ තිබේ. කොන්දොස්තරවරයා අංක 41230 යටතේ රුපිය් 338ක ප්‍රවේශ පත්‍රයක් නිකුත් කළ අවස්ථාවේ මාධ්‍යවේදියා එම මුදල පියවා ගැනීමට රුපිය් 500ක නෝට්ටුවක් ලබාදී තිබේ.

ඉතිරි මුදල වූ රුපියල 162ක මුදල පිළිබඳව ටිකට් පතේ සටහන් යොදා පසුව එම මුදලින් රුපියල 150 ක මුදලක් ගමන අතරතුරදී මාධ්‍යවේදියාට ලබාදීමට කොන්දොස්තරවරයා කටයුතු කර තිබේ. බස් රථයේ පැමිණි මාධ්‍යවේදියා අනුරාධපුර දහයියාගම හන්දියෙ ආසන්නයේදී කොන්දොස්තරගෙන් ඉතිරි රූ.12 පිලිබද විමසු විට මගීන් ඉදිරියේ ඔහුට බැන වැදි පසුව එම මුදල ලබා දිමට කටයුතු කර ඇතත් මාධ්‍යවේදියා එය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව කොන්දොස්තරවරයා කළ ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කළ අවස්ථාවේ කොන්දොස්තරවරයා විසින් ඒ මහතාගේ කනට පහරදී ඕන‍ෙනම් වරෙන් මම ඉන්නේ බස්ටෑනඩ් එකේ යනුවෙන් පවසා බැණවැදී ඇත.

පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විසින් අනුරාධපුර පිහිටි ඩී. එස්. ගුණසේකර බස සමාගමේ බ් රථ ලියාපදංචි අංකය වන එන.සී. 5329 අංකය පොලිසියට ලබා දී පැමිණිල්ලක් සිදුකර තිබේ. පහරදීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිගේ සභාපති නිලන්ත කුමාරටත් මාධ්‍යවේදියා පැමිණිලි කර තිබේ. ඒ සම්බන්දයෙන් සභාපතිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ අදාළ බස් රථයේ ගමන් වාරයක් අවලංගු කර කොන්දොස්තරවරයාගේ බලපත්‍රය අවලංගු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?