තරගයක අතරමැද පිටියේ විනිසුරු ප්‍රතිස්ථාපනය කෙරේ

ටෙස්ට් තරගයේ මැද භාගයේ දී පිටියේ සිටි විනිසුරුවරයෙකු ඉවත් ව, සිව්වැනි විනිසුරු ව ප්‍රතිස්ථාපනය කෙරුණා.

ඒ මේ වනවිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවසාන භාගයේදීයි.

ප්‍රධාන විනිසුරුවරයා හදිසියේ අසනීප වූ අතර, සිව්වන විනිසුරුවරයා පිටියේ වගකීම භාර ගැනීමට මෙලෙස ඉදිරිපත් වුණා.

තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස ක්‍රියාත්මක වූයේ ප්‍රගීත් රඹුක්කන සමගින් Allahuddien Paleker යි.

මේ වනවිට කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 197ක් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
22
+1
5
+1
8
+1
7
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?