ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ලෝක බලවතුන් අතර දේශපාලන කම්පනය සහ අවිශ්වාසය හේතුවෙන් රත්තරන් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර විශේෂඥයින් මත පළ කරන්නේ රත්තරන් මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවත්, එය මෙම වසර අග වන විට ඩොලර් 5,400 සීමාව ඉක්මවා යනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
ග්‍රීන්ලන්තය සහ වෙනිසියුලාව සිට මැදපෙරදිගට මෑත කාලීනව ඇති වූ හදිසි අවස්ථා හේතුවෙන් ඉහළ භූ දේශපාලනික අවදානමක් අවධාරණය කරන අතර, අවිනිශ්චිතතාවයට එරෙහිව ආරක්ෂාවක් ලෙස රන් ආකර්ෂණය ශක්තිමත් කරන විට මෙලෙස රත්තරන් මිල ඉහළ යාම සිදුවනවා.
මේ අතර අද (26) දිනය වන විට ලෝක වෙළඳපොළේ රිදී මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ, අනුව රිදී අවුන්සයක් ඩොලර් 106.1 ක් දක්වා 3% කින් ඉහළ ගොස් තිබෙනවා.













