ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියාවක් දෙන බව කියා ලක්ෂ 37කට විදලා

මුහුණු පොතේ දැන්වීම් පළකර ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 3,750,000ක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ආනවිලුන්දාව, නල්ලදරන්කට්ටුව සහ සෙංගල්ඔය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.

ජාඇල, කැපුම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් මගින් ඔහුව හදුනාගත් බවත්, එම හදුනාගැනීම මත තමන් දෙදෙනා ඔහුට මුදල් ලබාදුන් බවයි පැමිණිලි කර ඇත්තේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා පොරොන්දු වූ ආකාරයට ඉතාලියේ සංගීත කණ්ඩායමේ රැකියාවක් තමන්ට නොලැබුණු බවත්, තමන් ඔහුට දුන් මුදල් ඉල්ලා සිටියද යහපත් ප්‍රතිචාරයක් නොමැති බව ද පැමිණිලිකරුවන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?