ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 10 වනදා සිට

ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021 දෙසැම්බර් 12 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මැයි 10,11,13 සහ 20 යන දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙනවා.

ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?