spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයට පහසු ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථානයට සමඟ පැවැත්වෙන පළමු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක හතරේ පහර 12ක් සමග පන්දු 95කදී ලකුණු 91ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 51ක් රැස්කළේ පන්දු 59කට මුහුණ දෙමින්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 38ක් රැස්කළ අතර අද දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් දුෂාන් හේමන්ත ලකුණු 22කින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ශ්‍රී ලංකා ඉනිම තුළ එක හයේ පහරක් පමණක් වාර්තා වූ අතර, එය එල්ල කරනු ලැබුවේ නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත විසින්.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහමඩ් සහ ෆසාල්හක් ෆාරුකි අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට පන්දු 300ක් තුල ලකුණු 269ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?