ඇෆ්ගන් ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

ඇෆ්ගනිස්තාන වේග පන්දු ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නෙකු වන ෂාපූර් සද්‍රාන් 37 හැවිරිදි ක්‍රීඩකයෙක්.

ඔහු එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘති සඳහා ඇෆ්ගනිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2009 වර්ෂයේ දී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ෂාපූර් සද්‍රාන් එක්දින තරග 44ක් ක්‍රීඩා කර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 43ක්.

ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ ලකුණු 24කට කඩුලු 04ක් බිඳ හෙලීමයි.

ෂාපූර් සිය අවසන් එක්දින තරගය 2020 වර්ෂයේ ක්‍රීඩා කළා.

ඉන් පසුව ඔහු කිසිදු ජාත්‍යන්තර එක්දින තරගයකට එක් වූයේ නැහැ.

විස්සයි20 තරග 36 ක් ක්‍රීඩා කර ඇති අතර, ආකෘති දෙකෙහිම කඩුලු 80 ක් දවාගෙන තිබෙනවා.

ෂාපූර් සද්‍රාන් තමන්ව හඳුන්වා ගත්තේ පාකිස්තානයෙන් බිහි වූ විශිෂ්තම පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් තමන්ගේ චරිතය බවයි.

2015 එක්දින ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ෂාපූර් සද්‍රාන් කඩුලු 10ක් බිඳ දැමූ අතර ඊට ගොදුරු විශිෂ්ට ක්‍රීඩකයින් ලෙස ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, තිලකරත්න ඩිල්ෂාන් සහ මහමුදුල්ලා ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?